Thursday, January 3, 2013

ඔබේ සිහිනයත් උපාධියක් ද?


විශ්වවිද්‍යාල උපාධියක් කියන්නේ අපි හැමෝටම තියන හීනයක්. ඒත් ක හැබෑ කරගන්න ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට විතරයි. 
උසස් පෙට ලියන ළමයින්ගෙන් කීයෙන් ක දෙනාද විශ්වවිද්‍යාලයකට තේරෙන්නේ. එහෙම ගත්තොත් නම් උපාධියක් කියන්නේ හීනයක්ම තමයි. 

ලංකාවේ උසස් පෙළ සමතුන්ගෙන් වැඩි හරියකට විශ්වවිද්‍යාල වලට යන්න සුදුසුකම් හම්බෙනවා. ඒත් ඒ අයගෙන් 20 % කටත් අඩු පිරිසක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට බඳවාගන්නේ. එකට ප්‍රධාන හේතුව විශ්වවිද්‍යාල වල සම්පත් සීමිත වීම. 

මේකට විසඳුමක් විදියට සිසුන්ට ලංකාවේ හෝ පිටරටක පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බැඳෙන අවස්ථාත් ඕනෑතරම් තියනවා. 


ඒත් පහල මධ්‍යම පාන්තික අප වැන්නන්ට ලක්ෂ ගණනින් මුදලක් ගෙවා එවැනි විශ්වවිද්‍යාලයකට යාමට තරම් වත්කමක් නැහැ.
මේ සඳහා විසදුමක් නැත්ද? 

මේකට සැහෙන දුරට සාර්ථක විසදුමක් තියනවා. ඒත් බොහෝ දෙනෙක්ට ඒ ගැන හරි හැටි අවබෝධයක් නෑ.

අපිට උපාධියක් අවශ්‍යමද ? 

ඔව්. උපාධියක් තිබම සමාජයේ පුද්ගලයෙක් විදියට ස්ථාවර වීමේදී වැදගත් සාධකයක් විදියට සලකනවා. කෙනෙක් උපාධිධරයෙක් වීම ම සාර්ථක රැකියාවකට, හොඳ ආර්ථික මට්ටමකට පැමිණීමට, විවාහයකට හෝ යහපත් දිවි පැවැත්මකට හේතුවක් නොවුනත් එය අපේ ජීවිත පහසුවෙන් ඒ ඉලක්ක වෙත ගෙන යාමට උපකාරයක් වෙනවා.

උපාධියකින් ප්‍රයෝජනයක් තිබේද?

ඔව් සත්තකින්ම ඔබ වටිනා අන්තර්ගතයක් සහිත උපාධියකට හිමිකම් කියන්නෙක් නම්, අනිවාර්යෙන්ම ඔබට අවශ්‍ය බොහෝ දේ ඔබ ලගටම පැමිනේවි. හැබැයි එකෙන් කියන්නේ උපාධියක් අරගත්ත පමණින් සෑමදෙයක්ම ලැබෙනවා යන්න නම් නොවේ. එය තම ගමනට අත්වැලක් වන බව පමණයි.

හරි අපි මාතෘකාවට එමු. 
ඔබට විශ්වවිද්‍යාලයකට යන්න සුදුසුකම් තිබේනම් හෝ එසේ නැතිනම්  අදාල සුදුසුකම් සපුරාගැනීමෙන් පසු උපාධියක් ලබාගැනීමට හැකි,

සාමාන්‍ය මධ්‍යම පාන්තිකයකුට දරගත හැකි මුදලක් වැයවන,

රැකියාවක් හෝ ව්‍යාපාර කටයුත්තක් සමග හෝ උපාධිය සම්පුර්ණ කල හැකි,
රාජ්‍ය,
විශ්වවිද්‍යාලයක් ලංකාවේ තිබෙන බව ඔබ දන්නවාද ?
ඔව් එය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයි.


ඉංජිනේරු තාක්ෂණ, ස්වභාවික විද්‍යා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා හා අධ්‍යාපන පීඨ වලින් සමන්විත ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ලංකාවේ ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, මාතර, අනුරාධපුර, යාපනය, මඩකලපුව වැනි නගරවල ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහිතවත්
ලංකාව පුරා විහිදුණු අධ්‍යයන මධ්‍යස්ථාන විසි ගණනක් මගිනුත් ඔබට දැනුම බෙදා දෙන බව ඔබ දන්නවාද ?

තමාට කැමති විෂය පථයන් ඔස්සේ විවිධ වටිනාකම් උපයමින් විශේෂයෙන් රැකියා ඉලක්ක කර ගනිමින් හැදෑරිය හැකි ලංකාවේ එකම උපාධියත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පමණක් ලබා ගත හැකි බව ඔබ දනන්වාද ? 


මෙසේ වීමට ප්‍රධානම හේතුව වන්නේ ලංකාවේ අනෙකුත් සියලුම විශ්වවිද්‍යාල මගින් ලබාදෙන උපාධි පාඨමාලා වල සංයුතිය තමාට කැමති ලෙස සකසාගෙන හැදෑරීමට අවස්ථාවක් නොමැති වීමයි. නමුත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් ඔබට කැමති විෂය ක්ෂේත්‍රයන් හරහා විවිධ සංයුතීන් වලින් සමන්විත පාඨමාලා හදුන්වා දේ.

ඔබ උසස් පෙළ සමතෙක් නම් හෝ  උසස් පෙළ අසමත් නමුත් උපාධියක් ලබාගැනීමට කැමැත්ත සහ අධිෂ්ඨානයක් සහිත නම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඔබ පිළිගැනීමට සුදානමින් සිටී.

උසස් පෙළ උපකාරක පන්ති සඳහා වැය කරන ලද මුදලටත් වඩ අඩු මුදලකින් ලංකාවේ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබාදෙන උපාධියට සමාන වටිනාකමක් ඇති උපාධියක් ඔබටත් ලබාගත හැකියි, ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ නොපසුබට උත්සාහය පමණක්මයි කිවහොත් ඔබ පුදුම වනවාද?


එන්න....... ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හා එක්වන්න.
පාසල් කාලයේ සිදුවූ අතපසුවීම් වැරදි වලට වන්දි ගෙවීමට ඔබට හැකියාවක් ඇති බව ලෝකයට පෙන්වන්න.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිලිබඳ ම දන්න තරමින් ඔබ දැනුවත් කරන්න ඕනෑම මොහොතක සුදානම්..

ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙන් දැනගත හැකියි.


5 comments:

  1. Aththatama OUSL eka gana danne keeyen kee denada. hamoma hithanne eka tec ekak...naththam external degree dena thanak widiyata...avurudu 4k mahansi wela diploma 1k neda hambenne ahana ayath innawa.a me thana gana nodanna kamatath wada government camp ekakata notheruna kenek internal degree 1k gannawata tiyana akamaththa.ousl eka gana meeta wada janathawa danuwath wenta ona.Ousl eke thathwaya usas karanta puluwan apitamai..eka ape yuthukamak.
    ( by infinity )

    ReplyDelete
  2. admin,can't u reduce the size of the images..because they take long time to load.
    ( by infinity )

    ReplyDelete
  3. Aniwaryanma.... api e da kohoahari karanna ona. Ousl1kt UGC1k registered univercity1k.. eka godak aya dan na...

    ReplyDelete