Friday, September 13, 2013

අකුරු සිරකළ පවුරු බිඳලමු 2013

අකුරු සිරකළ පවුරු බිඳලමු 2013 


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය ස්වභාවික විද්‍යා පීඨයෙන් සෑම වසරකම පවත්වන 

අකුරු සිරකළ පවුරු බිඳලමු 

වැඩසටහන මෙම වර්ෂයේදීත් පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර හමාරයි.


මේ යටතේ අධ්‍යාපන අපහසුතා ඇති අපේ පුංචි සහෝදර සහෝදරියන් රැසකට උදව් කරන්න අපි සුදානම්. ඒ  කිවේ අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පොල්ගොල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානය අවට ආර්ථික අපහසුතා තියන පාසලක් තෝරාගෙන ඒ පාසලටත් එහි අකුරු කරන පුංචි නංගිලා මල්ලිලාටත් අධ්‍යාපනික වශයෙනුත් පොත් පෑන් පැන්සල් වලිනුත් ආධාර කරන්න සුදානම්.

ඉර හඳ නොඉල්ලන මේ අහිංසක හිත්වලට පොතක් පෑනක් මහ මෙරක් වගේ.....



මේ මහඟු කාර්යයට ඔයාලටත් දායක වෙන්න පුළුවන්.

ඉගෙන ගන්න වෙර දරන අහිංසක දරු පිරිසකට සෙවනක් වෙන්න ඔයාලටත් හැකිනම් .......

පුස්තකාලයට සුදුසු පොත්පත්,
ලිපිද්‍රව්‍ය (කොටු රුල් , තනි රුල් පොත්)
A4 කඩදාසි
පෑන් පැන්සල්..

වගේ පාසල් යන නංගිලාට මල්ලිලට ඕන කරන දේවල් අපිට ලබා දෙන්න.

පුංචි මුවගකට හිනාවක් ගේන්න,
පොඩි උත්සහයක්...


විස්තර මේ ඕනෑම අංකයකින් දැනගන්න පුළුවන්....

                                                             078-3589859 - ධනංජය 
                                                             071-7315034 - චතුර
                                                             077-9255537 - විදුරංග 
                                                             072-4161644 
                                                             075-8433232  

No comments:

Post a Comment